ආයුර්වේද සම්බාහන මුවාවෙන් කාන්තාවන්ව විකුණලා

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගල්කිස්ස කාසියා මාවතේ කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් වටලා එම කාන්තාව ඇතුළු කාන්තාවන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසනවා.

එහිදී ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර මෙම ස්ථානය පවත්වාගෙන ගියත්, කිසිඳු වෛද්‍යවරයකු එම ස්ථානයේ රැඳී නොසිටිය බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් කොළඹ ප්‍රදේශයේ විවිධ රැකියාවල නිරත වන බවට නිවෙස්වලට පවසා මෙම ස්ථානයේ රැඳී සිට මෙම වෘත්තියේ යෙදෙන බවට ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබෙනවා.

සැකකාරියන් 25 සහ 37 අතර වයසේ පසුවන පානදුර, ඇල්පිටිය, නිට්ටඹුව, කැටමුලාව හා පොළොන්නරුව ප්‍රදේශවල පදිංචිකාරියන් වන බවයි පොලිසිය සඳහන් කළේ.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *