වැසිකිලියට යන බව පවසා සිරකරු පැන ගිහින්

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියෙකු එම රෝහල් වාට්ටුවේ වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙසේ පලාගොස් ඇත්තේ වාද්දූව, දෙල්දූව, දෑවිරුගම ප්‍රදේශයේ පදිංචි, හෙරොයින් මත්කුඩු මිලිග්‍රැම් 2300ක් සන්තකයේ තබාගෙන සිටියදී දකුණු කළුතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි රැඳවියෙක්.

මෙම රැඳවියා රක්ෂිත බන්ධනාගාරගතකර සිටි තවත් රැදවියෙකුගේ පහරදීමකට ලක්ව පසුගිය 06දා රෝහල් ගතකර තිබෙනවා.

එහිදී ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ අංක 5 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර, වැසිකිලියට යන බව පවසා එහි ජනේලයෙන් පැනගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

එහිදී පලාගිය රැඳවියා සොයා බන්ධනාගාර නිලධාරීන් සහ රෝහල් ආරක්ෂක අංශ මෙහෙයුම් සිදුකරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *