​”ආයෝජන වර්ධනයක් බවට පත් කරමු”: ආසියානු සංවර්ධන බැංකු සභාපතිගෙන් පෞද්ගලික අංශයට ඇරයුමක්!

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසත්සුගු අසකාවා (Masatsugu Asakawa) මහතා කොළඹදී පෞද්ගලික අංශයේ නායකයින් සමඟ පැවැත්වූ වටමේස සාකච්ඡාවකින් අනතුරුව, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ මීළඟ අදියර හැඩගැස්වීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජනවල තීරණාත්මක කාර්යභාරය අවධාරණය කළේය. (මසතෝ කන්ඩා මහතා ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපතිවරයා ලෙස කටයුතු කරයි). X පණිවුඩයක් නිකුත් කරමින් සභාපතිවරයා සඳහන් කළේ, මෙම හමුවේදී මෙරට ආයෝජන ක්ෂේත්‍රයේ පවතින බාධක සහ නැඟී එන නව ආයෝජන අවස්ථා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි. ශ්‍රී ලංකාව මේ වන විට ඵලදායිතාව, අපනයන සහ පෞද්ගලික අංශයේ ඉහළ ආයෝජන මත පදනම් වූ ආර්ථික ආකෘතියක් වෙත යොමු වෙමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය.​තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, නියාමන ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම, බැංකු මට්ටමින් පිළිගත හැකි ව්‍යාපෘති සකස් කිරීම සහ පෞද්ගලික ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සඳහා අවදානම් බෙදාගැනීමේ ක්‍රමවේදයන් හඳුන්වා දීම ඇතුළු සමස්ත ආයෝජන ක්‍රියාවලිය තුළම පෞද්ගලික අංශයේ සංවර්ධනය කෙරෙහි ආසියානු සංවර්ධන බැංකුව දැඩි අවධානයක් යොමු කරන බවයි. “අපගේ අදහස් හුවමාරුව ඉතා තීරණාත්මක වූයේ ඒ නිසයි. අප සැවොම එක්ව ආයෝජන, රටේ ආර්ථික වර්ධනය බවට පරිවර්තනය කරන්නෙමු” යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

What's your reaction?

Related Posts

1 of 1,063

Leave A Reply

Your email address will not be published. Required fields are marked *