ආර්.දුමින්ද සිල්වා නැමති සිරකරුට වැලිකඩ බන්ධනාගාර රෝහල තුල විශේෂ පහසුකම් ලබා දි ඇති බව හුවා දක්වමින් සමාජ මාධ්‍ය වල සංසරණය වන අසත්‍ය පුවත් සම්බන්ධවයි..

වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලැබු ආර්.දුමින්ද සිල්වා සිරකරු සදහා සුවි‌ශේෂි පහසුකම් බන්ධනාගාර රෝහල තුළ ලබාදී ඇති බව හුවා දක්වමින් මෑතක සිට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අපකීර්තියකට පත්වන ආකාරයෙන් කිසියම් කණ්ඩායමක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් මුදා හරිමින් යම් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට උත්සහ දරමින් සිටි.

බන්ධනාගාර රෝහල තුළ මෙම සිරකරු ප්‍රථිකාර ලබන වාට්ටුවේ රෝගී වු රැදවියන් සදහා පොදුවේ ලබාදී ඇති පහසුකම් වලට අමතරව, ආර්.දුමින්ද සිල්වා නැමති සිරකරුහට පමණක් කිසිදු ආකාරයේ අමතර පහසුකමක් ලබා දී නැත. ඊට ආදල කරුණු හා එම වාට්ටුවේ ඡායාරූප මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර 2025.01.16 (අද) දින ආර්. දුමින්ද සිල්වා සිරකරු වෛද්‍ය නිර්දෙශයන්ට අනුව වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියක් වෙත ඇතුළත් කරන ලදී.

තවද, රෝගී වන සෑම රැදවියකු බන්ධනාගාර වෛද්‍ය වරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිදේශයන්ට අනුව එම රැදවියා නේවාසික ප්‍රතිකාර සදහා බන්ධනාගාර රෝහල වෙත යොමු කරන්නේද, නොකරන්නේද යන්න තීරණය කරනු ලබයි. රෝගියා වැඩිදුර ප්‍රතිකාර සදහා රජයේ රෝහලක් වෙත යොමු කිරීම වෛද්‍යවරයාගේ නිර්දේශ මත සිදුකරනු ලබයි. ඒ පිළිබද බන්ධනාගාර ව්‍යවස්ථාපිත රීති යටතේ 41 සිට 81 වගන්ති මගින් සදහන් වේ.
මේ වන විට අදාළ සිරකරු බන්ධනාගාර රෝහලේ නේවාසික ප්‍රතිකාර අවසන් කර වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර ඇත. මෙම සිරකරු සමබන්ධයෙන් විවිධ අවස්ථාවන්වලදි මාධ්‍ය නිවේදන නිකුත් කළ ද යම් යම් පුද්ගලයින්ගේ පෞද්ගලික අරමුණු සදහා ජනතාව නොමග යවන අසත්ප්‍‍ය ප්‍රචාරයන් සිදු කරන අවස්ථා නිරික්ෂණය වී ඇත.

ගාමිණී බී. දිසානායක
බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශ)

What's your reaction?

Related Posts

1 of 462

Leave A Reply

Your email address will not be published. Required fields are marked *