ආර්ථික තරගයෙන් ඉන්දියාව ජය ගන්නා ලකුණු

ආර්ථික වර්ධනය අතින් 2028 වසරේ දී ඉන්දියාව විසින් චීනය අභිභවා යනු ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ ගෝලීය ආර්ථික වර්ධනයේ ප්‍රමුඛයෙකු ලෙස ඉන්දියාව චීනය අභිබවා යා හැකි බවයි බ්ලූම්බර්ග් වාර්තා කර ඇත්තේ.

වසරකට පෙර ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රට ලෙස වාර්තා තබමින් සිය ඊසානදිග අසල්වැසියා පරාජය කළ ඉන්දියාවේ බිලියන 1.4 ක ජනගහනය එරට ප්‍රධාන වර්ධන සාධකයක් බවට පත්ව තිබෙනවා.

Bloomberg Economics විශ්ලේෂණයකට අනුව, ඉන්දියාව ගෝලීය වර්ධනය සඳහා අංක එකේ දායකයා යන මාතෘකාව ලබා ගන්නේ 2028 මුල් භාගයේදී බවටයි පැවසෙන්නේ.

චීනයේ ඩොලර් ට්‍රිලියන 17.8 ක ආර්ථිකය මන්දගාමී වෙමින් පවතින බවයි බ්ලූම්බර්ග්ගේ වාර්තාවේ සඳහන් වන්නේ.

එය Covid-19 වසංගතයේ පැනවූ සීමාවල පශ්චාත් බලපෑම් වලින් ගොඩ ඒමට අරගල කරන අතරම, අමෙරිකාව සහ එහි මිත්‍ර රටවල ආර්ථික පීඩනය විඳදරාගනිමින් සිටිනවා.

බටහිර ආන්ඩු වැඩි වැඩියෙන් චීනය දකින්නේ ආර්ථික හවුල්කරුවෙකුට වඩා ප්‍රතිවාදියෙකු ලෙස බවයි Bloomberg Economics පවසන්නේ.

චීනයේ ආර්ථික වර්ධනය 2023 දී 5.2% සිට දශකය අවසන් වන විට 3.5% දක්වා අඩු වනු ඇතැයි පුරෝකථනය කර තිබේ.

විවිධ රටවල් සහ ව්‍යාපාර චීනයෙන් ඉවතට සැපයුම් දාම විවිධාංගීකරණය කිරීමට උත්සාහ කරන අතර ඒ වෙනුවට නිෂ්පාදනය ඉන්දියාවට ගෙන යන බව එය වැඩිදුරටත් පවසයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *