ආර්ථික දුෂ්කරතාවලට විරෝධය පෑමට පොල් ගසකට නැඟ එහි නිදාගත් “අපේ ජන බල” සංවිධායක පොලීසිය අත්අඩංගුවට

රටේ පවතින ආර්ථික දුෂ්කරතා වලට විරෝධය පළ කිරීමක් ලෙස පොල් ගසකට නැඟ එහිම නිදාගෙන සිටි බව කියන අපේ ජන බල පක්ෂයේ කලුතර දිස්ත්‍රික් සංවිධායකවරයෙක් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් බේරාගෙන තිබේ.​මෙම සිදුවීම වාර්තා වන්නේ පායාගල, ඇලගහවත්ත ප්‍රදේශයෙන් වන අතර, සිද්ධිය වන අවස්ථාවේදී අදාළ පුද්ගලයා බීමත්ව සිට ඇති බව පැවසේ. ඔහු අඩි හතළිහක් පමණ උස පොල් ගසකට නැඟී ඇත.​මෙම පුද්ගලයා සොයමින් සිටි ඔහුගේ මිතුරන් පිරිසක් ඔහුව ගස මුදුනේ නිදාගෙන සිටියදී සොයාගෙන ඇති අතර, ඔහුට බරපතල අනතුරක් විය හැකි යැයි බියෙන් පොලීසියට දැනුම් දී ඇත. පසුව පොලීසිය විසින් කලුතර මහ නගර සභාවේ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබේ.​දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අදාළ පුද්ගලයා ආරක්ෂිතව පහළට බස්සා ගැනීමෙන් පසු, ඔහු අත්අඩංගුවට ගෙන කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 849

Leave A Reply

Your email address will not be published. Required fields are marked *