ආසියානු සංචාරයේදී කිම් ජොං උන් හමුවීමට ට්‍රම්ප්ගෙන් කැමැත්ත!

තම ආසියානු සංචාරය අතරතුරේදී උතුරු කොරියානු නායක කිම් ජොං උන් මහතා හමුවීමට කැමැත්තෙන් පසුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර තිබේ. ආසියාව බලා පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, තමා සහ උතුරු කොරියානු නායකයා අතර මීට පෙර ඉතා හොඳ සබඳතාවක් පැවති බවයි. ට්‍රම්ප් මහතා සිය ධුර කාලය තුළ උතුරු කොරියාවේ නිල සංචාරයක නිරත වූ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා බවට පත්වෙමින් 2019 වසරේදී එරට සංචාරය කළේය. මැලේසියාව සහ ජපානයේ සංචාරය කිරීමට නියමිත ට්‍රම්ප් මහතා, දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා පැසිෆික් සහයෝගීතා සමුළුවට ද සහභාගී වීමට නියමිත අතර, එහිදී චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හමුවීමට ද සැලසුම් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 453

Leave A Reply

Your email address will not be published. Required fields are marked *