ආසියානු සත්සාමාජික රග්බි පිටියේදී ශ්‍රී ලංකාවෙන් උස්බෙකිස්තානයට පහසු ජයක්!

2025 වසරේ ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි සහ අවසන් අදියර අද (ඔක්තෝබර් 18) කොළඹ තුරග තරග පිටියේදී ආරම්භ විය. තරගාවලියේ පළමු දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම උස්බෙකිස්තානයට එරෙහිව සිය පළමු තරගයට එක් වූ අතර, එහිදී ලකුණු 26-14ක් ලෙස පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.​ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ ‘C’ කාණ්ඩය යටතේ තරග වදින අතර, අද දින ඔවුන්ට තවත් ප්‍රබල අභියෝග දෙකකට මුහුණ දීමට නියමිතය. ඒ අනුව, සිංගප්පූරුව සමඟින් ප.ව. 5:04ටත්, චීනය සමඟින් රාත්‍රී 9:50ටත් තරග වැදීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානමින් සිටියි.​පිරිමි සහ කාන්තා දෙඅංශයෙන්ම කණ්ඩායම් තරග වදින මෙම අවසන් අදියරේ තරගාවලිය දින දෙකක් පුරා පැවැත්වේ. සත්කාරක ශ්‍රී ලංකාව, ජපානය, හොංකොං සහ චීනය ඇතුළු පිරිමි හා කාන්තා කණ්ඩායම් 24ක් මෙම තරග ඉසව්ව සඳහා සහභාගී වී සිටිති.​රග්බි ක්‍රීඩාවට ලැදි ප්‍රේක්ෂකයන්ට ශුභ ආරංචියක් ලෙස, ශ්‍රී ලංකා රග්බි සංගමය විසින් මෙම වැදගත් තරගාවලියේ සියලු තරග නොමිලයේ නැරඹීමට අවස්ථාව සලසා දී ඇත.

What's your reaction?

Related Posts

1 of 811

Leave A Reply

Your email address will not be published. Required fields are marked *