ඇමරිකානු C-130J ගුවන් යානා සහ විශේෂඥ කණ්ඩායමක් ආධාර ප්‍රවාහනයට කටුනායකට!

විපතට පත් ප්‍රජාවන් සඳහා ගුවන් මගින් ආධාර ප්‍රවාහන මෙහෙයුම්වලට සහාය වීම පිණිස, ඇමරිකානු ගුවන් හමුදාවට අයත් 36 වැනි හදිසි ප්‍රතිචාර කණ්ඩායමේ (36th Contingency Response Group) ගුවන් භටයන් සහ C-130J සුපර් හර්කියුලිස් ගුවන් යානා දෙකක් අද දින කටුනායක ගුවන් කඳවුරට පැමිණ ඇත. මෙම කණ්ඩායම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ එක්ව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් හඳුනාගත් දැඩි බලපෑමට ලක්වූ ප්‍රදේශවලට හදිසි ආධාර (සෙවිලි ද්‍රව්‍ය, ජලය, සනීපාරක්ෂක ආධාර, ආහාර සහ වෛද්‍ය ආධාර) ප්‍රවාහනය කිරීමට නියමිතය. එක්සත් ජනපද තානාපතිනි ජූලී චුං මහත්මිය සඳහන් කළේ, මෙම මෙහෙයුම මගින් ඉදිරි පෙළ ප්‍රතිචාර දක්වන්නන්ට ජීවිත බේරා ගැනීමට අවධානය යොමු කිරීම සඳහා අවශ්‍ය “ගුවන් ප්‍රවාහන සහ සැපයුම් ශක්තිය” ගෙන එන බවයි.

What's your reaction?

Related Posts

1 of 891

Leave A Reply

Your email address will not be published. Required fields are marked *