ඇමෙරිකානු පැසිෆික් නාවික බලඇණි අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කෝලර් දිවයිනට!

ඇමෙරිකානු පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් “වෙබ්” කෝලර් (Steve “Web” Koehler) මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (පෙබරවාරි 19) ශ්‍රී ලංකාවට පැමිණියේය. ලොව විශාලතම නාවික බලඇණි විධානය මෙහෙයවන ඒ මහතා, ලබන 21 වැනිදා දක්වා මෙරට රැඳී සිටිමින් ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වන්නේ සාගරික ආරක්ෂාව, කලාපීය ස්ථාවරත්වය සහ දෙරටේ නාවික හමුදා අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරගැනීමයි.​මෙය අද්මිරාල් කෝලර් මහතා මෙරටට පැමිණි දෙවන අවස්ථාව වන අතර, එමගින් ජාත්‍යන්තර මුහුදු මාර්ග මධ්‍යයේ ශ්‍රී ලංකාව පිහිටා ඇති උපායමාර්ගික වැදගත්කම යළිත් තහවුරු වන බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය. නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් පවත්වාගෙන යාම, මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම් වැනි අන්තර්ජාතික තර්ජන මැඩපැවැත්වීම සහ සමුද්‍රීය ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධය පුළුල් කිරීම සම්බන්ධයෙන් ද මෙම සංචාරයේදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,034

Leave A Reply

Your email address will not be published. Required fields are marked *