ඇඹිලිපිටිය මහවැලි අධිකාරි බල ප්‍රදේශයට අයත් චන්ද්‍රිකාවැව කොට්ඨාසයේ බී පහ ඇල වෙල්යායේ වී වගාවක් කිසියම් පිරිසක් විසින් බිස රසායනිකයක් යොදා සම්පූර්ණයෙන්ම මරා දමා ඇත

ඇඹිලිපිටිය මහවැලි අධිකාරි බල ප්‍රදේශයට අයත් චන්ද්‍රිකාවැව කොට්ඨාසයේ බී පහ ඇල වෙල්යායේ අක්කරයකට අාසන්න ප්‍රමාණයක පමණ වගා කර තිබු වී වගාවක් කිසියම් පිරිසක් විසින් බිස රසායනිකයක් යොදා සම්පූර්ණයෙන්ම මරා දමා ඇත.

පීදෙමින් පවතින තම වී වගාව මෙසේ මරා දැමී පිළිබදව පොලිස් හදිසි දුරකතන අංකයට දැනුම්දුන් බව වගාව සිදුකළ ඒ.ඩිංගිහාමි මහත්මිය පැවැසුවා.

මේ විනාශය හේතුවෙන් රුපියල් තුන් ලක්ෂයක පමණ මුදලක් තමන්ට අහිමිවී ඇති බවත්.ප්‍රදේශයේ මේ වන වන වනවිටට හාල්මිලේ කිලෝ එකක් රුපියල් 280ක් පමණ වන බවත් එම කාන්තාව පැවසුවා.

වගාකල වී වගාව පිනාස කිරීම හේතුවෙන් තමන් අන්ත අසරණ වී ඇති බවත් ඇය පවසනවා.

What's your reaction?

Related Posts

1 of 464

Leave A Reply

Your email address will not be published. Required fields are marked *