අද (26) දහවල් වටගොඩ දුම්රිය ස්ථානය අසලදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බදුල්ල බලා ධාවනය වූ ‘ඇල්ල ඔඩිසි’ සංචාරක දුම්රිය අනතුරට ලක් වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.අලුයම 5.30ට පමණ කොළඹ කොටුවෙන් ගමන් ඇරඹූ මෙම දුම්රිය අනතුරට ලක්ව ඇත්තේ දහවල් 1.30ට පමණ දුම්රිය ස්ථානයේ දෙවන පථයේදීය.කෙසේවෙතත්, මෙම සිදුවීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ අනෙකුත් දුම්රිය ධාවනයට කිසිදු බාධාවක් සිදු වී නොමැති බව නිලධාරීහු තහවුරු කළහ.’ඇල්ල ඔඩිසි’ දුම්රියේ සිටි මගීන් ආරක්ෂිතව වෙනත් දුම්රියකට මාරුකර ඔවුන්ගේ බදුල්ල බලා ගමනට පහසුකම් සලසා ඇත.දුම්රිය පීලි පැනීමට හේතුව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.























