ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය අතර දේශසීමාවේ එක් දිනක් පුරා ගුවන් ප්‍රහාර සහ බිම් මට්ටමේ ගැටුම් පැවති අතර, සිවිල් වැසියන් දස දෙනෙකුට වැඩි පිරිසක් මියයාමෙන් පසු, දෙපාර්ශවයම තාවකාලික පැය 48ක සටන් විරාමයකට එකඟ වී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.බදාදා (ඊයේ) සවස 6.30ට ආරම්භ වූ මෙම “තාවකාලික සටන් විරාමය” ඉල්ලා ඇත්තේ කාබුල් රජය බව පාකිස්තාන විදේශ අමාත්‍යවරයෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් රොයිටර් වාර්තා කළේය.කෙසේ වෙතත්, ඇෆ්ගන් තලේබාන් පරිපාලනයේ ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් පැවසුවේ සටන් විරාමය ඇති වූයේ “පාකිස්තාන පාර්ශ්වයේ බල කිරීම” හේතුවෙන් බවයි. අනෙක් පාර්ශ්වය ආක්‍රමණශීලී ක්‍රියාවලට නොයන්නේ නම්, සටන් විරාමය පිළිපදින ලෙස තම හමුදාවට කාබුල් නියෝග කර ඇති බවද මුජාහිඩ් වැඩිදුරටත් පැවසීය.බදාදා පෙරවරුවේදී, පාකිස්තානය විසින් ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් දේශසීමා පළාතට ගුවන් ප්‍රහාරයක් එල්ල කර, ස්පින් බෝල්ඩක් නගරයට පහර දුන් බව දෙරටේම නිලධාරීන් උපුටා දක්වමින් රොයිටර් වාර්තා කළේය.පාකිස්තාන ආරක්ෂක නිලධාරීන් පැවසුවේ ගුවන් ප්‍රහාරයෙන් ඇෆ්ගන් තලේබාන් හමුදාවේ බලඇණියක් ඉලක්ක කළ බවත්, එමගින් දස දහස් ගණනක් මිය ගිය බවත්ය.ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක එනයතුල්ලා ඛෝවරාස්මි කියා සිටියේ ස්පින් බෝල්ඩක් හි නේවාසික ප්‍රදේශවලට පහර වැදී ඇති බවයි.නිලධාරීන් උපුටා දක්වමින් වාර්තා වූයේ, පාකිස්තානය කාබුල් නගරයේ ද තවත් ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බවයි. කාබුල් නගරයේ එම ප්‍රහාරයේ ඉලක්කය කුමක්ද යන්න පැහැදිලි නැත.”EMERGENCY” නමැති රාජ්‍ය නොවන සංවිධානයක් විසින් කාබුල් නගරයේ පවත්වාගෙන යනු ලබන ශල්‍ය මධ්‍යස්ථානයට මියගිය පස් දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 40 දෙනෙකු ලැබුණු බව BBC වාර්තා කළේය.දෙපාර්ශවයම එකිනෙකාට බිම් මට්ටමේ ප්‍රහාර එල්ල කළ බවට චෝදනා කර ගත්හ.ඇෆ්ගන් තලේබාන් සංවිධානය පැවසුවේ, පාකිස්තාන හමුදා ස්පින් බෝල්ඩක්හි ප්‍රහාර දියත් කිරීමෙන් සිවිල් වැසියන් දස දෙනෙකුට වැඩි පිරිසක් මිය ගොස් 100 දෙනෙකු තුවාල ලැබූ බවයි.පාකිස්තානය මෙම ප්‍රහාර එල්ල කිරීම ප්‍රතික්ෂේප කළ අතර, දේශසීමාව හරහා ස්පින් බෝල්ඩක් ඉදිරිපිට පිහිටි චමන් දිස්ත්‍රික්කයේ “තලේබාන් හමුදා” විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් තම සිවිල් වැසියන් හතර දෙනෙකු තුවාල ලැබූ බව කියා සිටියේය.ඔක්තෝබර් 9 වන දින ඇෆ්ගනිස්ථානයේ සිදුවූ පිපිරීම් මාලාවකින් පසු අසල්වැසි රටවල් දෙක අතර ප්‍රචණ්ඩත්වය ඇවිලී ගිය අතර, කාබුල් රජය එම පිපිරීම්වලට වගකිව යුත්තේ ඉස්ලාමාබාදය බවට චෝදනා කළේය. එම පිපිරීම්වල වගකීම පාකිස්තානය භාර ගත්තේ නැත.






















