ඉතාලි ආරක්ෂක අංශයේ ප්‍රථම ලාංකික නිලධාරියා, ශෙහාන් ප්‍රනාන්දු අභිරහස් ලෙස මියයයි

ඉතාලි ආරක්ෂක අංශයේ (Carabinieri) නිලධාරියෙකු ලෙස සේවය කළ ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක්වූ 27 හැවිරිදි ශෙහාන් ප්‍රනාන්දු මහතා මිලානෝ නුවර පිහිටි සිය නිල නිවසේදී මියගොස් සිටියදී හමුවී තිබේ. ඔහුගේ දේහය අසල තිබී ඔහුට නිකුත් කළ සේවා ගිනි අවියද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, මේ වන විටත් ඔහුගේ මරණය සම්බන්ධයෙන් ඉතාලි බලධාරීන් පුළුල් පරීක්ෂණ පවත්වයි. අවිවාහක තරුණයෙකු වූ ශෙහාන්, ඉතාලියේ වෙසෙන ලාංකික ප්‍රජාව අතර ගෞරවාදරයට පාත්‍ර වූ චරිතයක් වූයේ එරට මෙවැනි උසස් නිලයකට පත්වූ පළමු ලාංකිකයා ඔහු වූ බැවිනි. ඔහුගේ අකල් වියෝව පිළිබඳව ඉතාලියේ වෙසෙන ලාංකිකයන් දැඩි කම්පනය පළ කර සිටින අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන මාර්තු 27 වන දින සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 667

Leave A Reply

Your email address will not be published. Required fields are marked *