ඉතිහාසයේ පළමු වරට මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2025 ජනවාරි මාසයේදී වාර්තා වී තිබේ.
ඒ අනුව 2025 ජනවාරි මාසය තුළ පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 252,761කි.
2018 වසරේ ජනවාරි මාසයේදී සංචාරකයින් 238,924ක් දිවයිනට පැමිණ තිබූ අතර 2024 වසරේ ජනවාරි මාසයේදී පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 208,253කි.
මෙම කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් අතරින් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් වේ.
එමෙන්ම රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, චීනය, ප්‍රංශය ඇතුළු රවලින් ද වැඩි විදෙස් සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.