ඉදිකිරීම් ක්ෂේත්‍රය යළිත් අර්බුදයක: සිමෙන්ති මිල රුපියල් 2,250 දක්වා ඉහළට!

රට තුළ පවතින ආර්ථික අස්ථාවරත්වය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වන සිමෙන්ති මිල යළිත් වරක් ඉහළ ගොස් තිබේ. ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිකරුවන් පවසන පරිදි සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 175ක පමණ සැලකිය යුතු අගයකින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව වෙළෙඳපොළේ සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2,250ක් දක්වා ඉහළ ගොස් ඇත.​මෙම මිල සංශෝධනයත් සමඟ සමස්ත ඉදිකිරීම් ක්ෂේත්‍රයම දැඩි පීඩනයකට ලක්ව ඇති බව වාර්තා වේ. මීට පෙරද වැලි, කළුගල් ඇතුළු අනෙකුත් ගොඩනැගිලි ද්‍රව්‍ය රැසක මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ අතර, නව මිල ඉහළ යාමත් සමඟ නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතුවල පිරිවැය තවදුරටත් ඉහළ යනු ඇතැයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.​පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් බොහෝ ඉදිකිරීම් ව්‍යාපෘති අතරමඟ නතර වීමේ අවදානමකට ලක්ව ඇති බවද වාර්තා වේ. පාරිභෝගිකයින් පවසන්නේ ද්‍රව්‍ය මිල පාලනයකින් තොරව ඉහළ යාම තමන්ගේ ඉදිකිරීම් සිහිනයට එල්ල වූ මරු පහරක් බවයි.

What's your reaction?

Related Posts

1 of 1,063

Leave A Reply

Your email address will not be published. Required fields are marked *