ඉදිරියේදී පාතාල ක්‍රියාකාරකම් සඳහා කිසිදු ඉඩක් නැහැ

ශ්‍රී ලංකා රජය මෙරටතුළ අපරාධ මැඩලීම් සාර්ථකව සිදුකරගෙන යාමේදී, ඊට එරෙහිව ඇතැම් පාතාල කණ්ඩායම් ක්‍රිියාත්මක වන බවත්, විමර්ෂණ අඩපණ කිරීමට ඇතැම්කණ්ඩායම් උත්සාහ කරන බවත් ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රයාත්මක කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා පැවසීය.අද(22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මෙසේ පැවසීය.
අතීතයේදී දේශපාලන රැකවරණය සමඟින් පාතාලය පෝෂණයවීමේ ප්‍රතිඵල අද අපි දකිනවා. නමුත් අද ඒ සඳහා කිසිදු දේශපාලන රැකවරණයක් ලැබෙන්නේ නැහැ. එමෙන්ම එවැනි පාතාල කණ්ඩායම්වලට එරෙහිව අද කඩිනමින් නීතිය ක්‍රියාත්මක වෙනවා. එම නිසා පාතාල කල්ලි අතර තිබෙන ගැටුම් මෙලෙස එළියට එනවා.

මේවන විට නීති විරෝධී ගිනි අවි සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විගනණයක් ආරම්භ කර අතැයිද ආරක්ෂක ලේකම්වරයා පැවසීය. මෙම රජය යටතේ අනීතික අවිගනු කිසිවක් සිදුනොවන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.
නීති විරෝධී ගිනි අවි සම්බන්ධයෙන් වූ විගණනය මේ වනවිට ආරම්භ කර තිබෙනවා. හමුදා තුනෙහිම මෙම විගණනය සිදුකරනවා. බොහෝ පුද්ගලයින් නීතිවිරෝධී ගිනිඅවි රජයට භාර දී තිබෙනවා. ගිනි අවි 48ක් මේ වනවිට ලැබී තිබෙනවා. මෙම බොහොමයක් ගිනිඅවි පසුගිය වකවානු තුළ ලබාදුන් ගිනිඅවි. මෙම රජය යටතේ අනීතික අවිගනු දෙනු කිසිවක් සිදුවන්නේ නැහැ.
ආරක්ෂක ලේකම් වශයෙන් බුද්ධි තොරතුරු මාර්ගයෙන් මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් කටයුතු කරන බවද කීය.
ඉදිරිියේදී මෙවැනි පාතාල ක්‍රියාකාරම් කිසිවක් සිදුවීමට ඉඩ තබන්නේ නැහැ. මෙවැනි ක්‍රියාකාරකම් වලින් තොර රටක් නිර්මාණය කිරීමට අප කටයුතු කරගෙන යනවා.
මෙම වකවානුවේදී කිසිදු දේශපාලන රැකවරණයක් මෙම පාතාල කල්ලිවලට ලැබෙන්නේ නැතැයිද ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 645

Leave A Reply

Your email address will not be published. Required fields are marked *