ඉන්දියා – පකිස්තානු යුද්ධයක් අතළඟ

පසුගියදා ජම්මු කාශ්මීර දේශ සීමාවේ වෙඩි තැබීමක් සිදු වුණා.

එම වෙඩි තැබීමත් සමඟම දෙරටේම යලිත් ගැටුම් ආරම්භ වුණා.

ඉන්දියානු හමුදා පාකිස්තාන ත්‍රස්ත ඉලක්ක වෙත නුදුරේදීම ප්‍රහාරයක් එල්ල කරනු ඇති අතර එය දෙරටම මහා යුද්ධයකට පැටලීමේ අවදානම මතු කර තිබෙනවා.

දෙරටම න්‍යෂ්ටික අවි උපයෝගි කර ගතහොත් එය කලාපයටම තර්ජනයකි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බිහාරයේ රැස්වීමක් අමතමින් පාකිස්තානයට අනතුරු අඟවා තිබිණි.

අඟහරුවාදා (අප්‍රේල් 22) පෙහෙල් ගාම්හි සිදු වූ ලේ වැගිරීම, එනම් අවම වශයෙන් සංචාරකයින් 26 දෙනෙකුට මරු කැඳ වූ වෙඩි තැබීම් 2019 වසරෙන් පසු කාශ්මීරයේ සිදු වූ මාරාන්තික ම ත්‍රස්තවාදී ප්‍රහාරය ලෙස ඉතිහාසයට එක් වනවා.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රානාත් සිං ‘ශක්තිමත් ප්‍රතිචාරයක්’ දක්වන බවට ප්‍රතිඥා දී ඇති අතර, අපරාධකරුවන්ට එරෙහිව පමණක් නොව, ඉන්දීය භූමියේ ‘දුෂ්ට ක්‍රියාවන්’ පිටුපස සිටින මහ මොළකරුවන්ට එරෙහිව ද පියවර ගන්නා බවට ප්‍රතිඥා දී තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 722

Leave A Reply

Your email address will not be published. Required fields are marked *