බංග්ලාදේශ අන්තර්වාර රජය ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීම ආරම්භ කර තිබේ.
ඒ අනුව පළමු ආනයනික සහල් තොගය ලෙස ඉන්දීය සහල් ටොන් 27,000 ක තොගයක් චිතගොං වරාය හරහා බංග්ලාදේශයට ලැබී තිබේ.
මෙම තොගය ඉන්දියාවෙන් සහල් ටොන් 200,000 ක් මිලදී ගැනීමේ ගිවිසුමේ කොටසක් බව බංග්ලාදේශයේ ආහාර සැපයුම් භාර නිලධාරියෙක් පැවසීය.
දුරකථන සංවාදයකදී නිලධාරියා ANI පුවත් සේවය වෙත පැවසුවේ, “මේ මොහොතේ බංග්ලාදේශයේ සහල් හිඟයක් නොමැති බවයි.
කෙසේ වෙතත්, පසුගිය දිනවල ඇති වූ දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි අර්බුදය මඟහරවා ගැනීම සඳහා ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.” යනුවෙන් ද ඔහු පවසා තිබෙනවා.
“බංග්ලාදේශ අන්තර්වාර රජය ටෙන්ඩර් මගින් සහල් ටොන් 200,000 ට අමතරව තවත් සහල් ටොන් 100,000 ක් ඉන්දියාවෙන් ආනයනය කරනු ඇත” ඔහු වැඩිදුරටත් පැවසීය.