පාකිස්තාන කණ්ඩායම සමඟ පැවති තරගය ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 88කින් ජය ගත්තා.කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේදී කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව කණ්ඩායම් දෙකේ නායිකාවන් දෙදෙනා අතට අත දීමක් සිදු කළේ නැහැ.පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාව 247ක්.ලකුණු 248ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කාන්තා කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 159ක් පමණයි.තරගයෙන් පසුවත් කණ්ඩායම් දෙකේම ක්‍රීඩිකාවන් අතට අත දීමක් සිදු කළේ නැහැ.ඒ අනුව, පාකිස්තාන කාන්තා කණ්ඩායමට එරෙහිව මෙතෙක් ක්‍රීඩා කර ඇති එක්දින ක්‍රිකට් තරග 12ම ජයග්‍රහණය කර ඇත්තේ ඉන්දීය කාන්තා කණ්ඩායමයි.
ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර තරගය අද පැවැත්වීමට නියමිතයි.ඉන්දියාවේ ඉන්දෝර්හිදි පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි.