ඉන්දීය නාවික හමුදාවෙන් ශ්‍රී ලාංකික ධීවරයින්ට ප්‍රහාරයක්? ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිල ප්‍රකාශයක්

පසුගිය ජනවාරි 29 වනදා මුහුදේදී ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසකට පහරදීමේ සිද්ධියට ඉන්දීය නාවික හමුදාව හෝ වෙරළාරක්ෂක බලකාය සම්බන්ධ බවට එල්ල වන චෝදනා කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර සිටියි. ඉන්දීය පාර්ශවයෙන් සිදුකළ විමර්ශනවලදී එවැනි ප්‍රහාරයක් තම හමුදා විසින් සිදුකර නොමැති බව තහවුරු වී ඇතැයි එම දූත මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.​ධීවරයින්ගේ ජීවනෝපාය සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන් සැමවිටම මානුෂීය ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බව අවධාරණය කරන ඉන්දියාව, එවැනි අවස්ථාවන්හිදී කිසිසේත්ම බලහත්කාරය හෝ ප්‍රහාර එල්ල කිරීම් සිදු නොකළ යුතු බව සිය ස්ථාවරය යළිත් අවධාරණය කර ඇත. මේ සම්බන්ධයෙන් ඉන්දියාව ශ්‍රී ලංකා රජය සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින් කටයුතු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

What's your reaction?

Related Posts

1 of 1,000

Leave A Reply

Your email address will not be published. Required fields are marked *