ඉන්දීය පිල අගෝස්තු මාසයේදී ලංකාවට: ටෙස්ට් ගැටුමට අමතරව තවත් T20 තරග 3ක්!

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එළැඹෙන අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට සමගාමීව, අතිරේක විස්සයි20 තරග තුනක් ද පැවැත්වීමට දෙරටේ ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සහ ඔවුන්ගේ ජීවිත යළි ගොඩනැගීමේ මෙහෙයුම් සඳහා අරමුදල් රැස් කිරීම මෙම තරගාවලියේ මූලික අරමුණයි. මුලින් මෙම තරග ඉකුත් දෙසැම්බර් අග භාගයේදී පැවැත්වීමට සැලසුම් කර තිබුණද, විකාශන කටයුතු සූදානම් කර ගැනීමට ප්‍රමාණවත් කාලයක් නොමැති වීම හේතුවෙන් එය අගෝස්තු මාසය දක්වා කල් තැබීමට සිදුව ඇත.​ඉන්දීය ක්‍රිකට් ආයතනය දැනටමත් මෙම විශේෂ තරගාවලිය සඳහා සිය එකඟතාව පළ කර ඇති අතර, ටෙස්ට් තරගාවලිය නිම වීමත් සමඟම මෙම විස්සයි20 තරගාවලිය ආරම්භ වනු ඇත. මෙම තරගාවලිය හුදෙක් ක්‍රීඩා ජයග්‍රහණයක් වෙනුවෙන්ම නොව, ජාතික මට්ටමේ මානුෂීය මෙහෙයුමකට දායක වීමක් ලෙස දෙරටේම අවධානය දිනාගෙන තිබේ. ඒ අනුව මෙම තරගවලින් උපයන සමස්ත ආදායම ‘Rebuilding Sri Lanka’ අරමුදල වෙත බැර කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත.​කාලසටහනේ ඇති වූ වෙනස්කම් මධ්‍යයේ වුවද, ඉන්දීය කණ්ඩායමේ මෙම ශ්‍රී ලංකා සංචාරය දේශීය ක්‍රිකට් ලෝලීන්ට ඉතා උද්යෝගිමත් අත්දැකීමක් වනු නොඅනුමානය. විශේෂයෙන්ම ආපදා සහන අරමුදලක් වෙනුවෙන් මෙවැනි ඉහළ පෙළේ තරගාවලියක් සංවිධානය කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයේ ද ඇගයීමට ලක්ව ඇත. තරගාවලිය පැවැත්වෙන නිශ්චිත ක්‍රීඩාංගණ සහ දින වකවානු ඉදිරියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 554

Leave A Reply

Your email address will not be published. Required fields are marked *