ඉන්ධන බලපත්‍ර පද්ධතියේ (National Fuel Pass) තාක්ෂණික ගැටලු අද උදෑසන විසඳේ

ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතියේ (National Fuel Pass) පවතින තාක්ෂණික ගැටලු අද (17) උදෑසන වන විට යථා තත්ත්වයට පත් වනු ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. විශේෂයෙන්ම 2023 අගෝස්තු මාසයෙන් පසුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා නීත්‍යානුකූලව හිමිකම් වෙනස් කළ වාහන සඳහා නව QR කේත ලබා ගැනීමට හැකි වන පරිදි පද්ධතිය යාවත්කාලීන කිරීම් මේ වන විට සිදු වෙමින් පවතී. එමෙන්ම, QR කේතයට සම්බන්ධ දුරකථන අංකයේ හිමිකාරිත්වය වෙනස් වූ හෝ විසන්ධි වූ අවස්ථාවලදී ජංගම දුරකථන සේවා සපයන්නන් ලබා දෙන තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීමේ කටයුතු ද මේ වන විට ක්‍රියාත්මකයි.​මේ අතර, ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වීමේදී අන්තර්ජාලය හරහා සංසරණය වන ව්‍යාජ සබැඳි (links) භාවිත කිරීමෙන් වළකින ලෙසත්, එවැනි වේදිකා හරහා පෞද්ගලික තොරතුරු හුවමාරු නොකරන ලෙසත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ලියාපදිංචි කටයුතු සඳහා රජයේ නිල පද්ධති පමණක් භාවිතා කරන ලෙසත්, ඕනෑම ගැටලුවක් සම්බන්ධයෙන් සහය ලබා ගැනීමට 1919 රජයේ තොරතුරු මධ්‍යස්ථානය අමතන ලෙසත් බලධාරීන් වැඩිදුරටත් උපදෙස් ලබා දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,053

Leave A Reply

Your email address will not be published. Required fields are marked *