ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල 31%කින් ඉහළ යාමට සාපේක්ෂව, අද (22) දිනයේ සිට බස් ගාස්තු සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. මීට පෙර අවස්ථාවලදී ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනය නොවූ අතර, නව ගාස්තු තීරණය කිරීම සඳහා වන ගණනය කිරීම් මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බව වාර්තා වේ.මේ අතර, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරන්නේ පවතින තත්ත්වය හමුවේ අවම වශයෙන් 15%ක බස් ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කරන බවයි. ඩීසල් මිල සැලකිය යුතු ලෙස ඉහළ යාම හේතුවෙන් බස් කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා මෙම ගාස්තු සංශෝධනය අත්‍යවශ්‍ය බව එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.
























