මියාමි හි පිහිටි සිය ගොල්ෆ් සමාජයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානයට එරෙහි යුද්ධය “ඉතා ඉක්මනින්” අවසන් වන අතර ඉදිරියේදී තෙල් මිල පහත වැටෙනු ඇති බවයි. සිය හමුදා අරමුණු සම්පූර්ණ කිරීම සඳහා විශාල ප්‍රගතියක් අත්කර ගනිමින් සිටින බවත්, ඇතැම් විට එම අරමුණු දැනටමත් සම්පූර්ණ වී ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කළේය. ඉරානයේ නාවික හමුදාව සතු නෞකා 50කට අධික සංඛ්‍යාවක් මුහුදු පත්ලේ ගිල්වා ඇති බවත්, ඔවුන්ගේ ගුවන් හමුදාව, ගුවන් යානා නාශක පද්ධති සහ නායකත්වය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. මෙය ලෝකය මෙතෙක් නොදුටු අන්දමේ සුවිශේෂී හමුදා ජයග්‍රහණයක් බව ඔහු අවධාරණය කළේය.

























