ඉරානයට එරෙහිව ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් නියමිත කාලය තුළ එකඟතාවකට පැමිණීමට අපොහොසත් වුවහොත් ඉරානයට එරෙහිව දැඩි හමුදා ක්‍රියාමාර්ගයක් ගන්නා බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි තර්ජනයක් කර තිබේ. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ගිවිසුමක් සඳහා ලබා දී ඇති අවසන් සහනය අදින් අවසන් වන බවයි. වොෂින්ටන් වේලාවෙන් අද රාත්‍රී 8 ට පෙර ස්ථිර එකඟතාවකට නොපැමිණියහොත් ඉතා කෙටි කලක් තුළ ඉරානයේ බලපෑම සහමුලින්ම තුරන් කරන බවට ඔහු අනතුරු අඟවයි.​ධවල මන්දිරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කළේ ඉරාන නායකත්වය අවංක ලෙස සාකච්ඡා මේසයට පැමිණෙනු ඇතැයි තමා අපේක්ෂා කරන නමුත් එහි අවසාන ප්‍රතිඵලය තවමත් අවිනිශ්චිත මට්ටමක පවතින බවයි. ගෝලීය බලශක්ති සැපයුමට අතිශය වැදගත් වන හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය සහ ආරක්‍ෂාව සම්බන්ධයෙන් පවතින මෙම අර්බුදය හමුවේ ඇමරිකාව දැඩි ස්ථාවරයක පසුවන බව මේ හරහා පැහැදිලි වේ.​කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඉරානය දක්වන ප්‍රතිචාරය දෙස බලන කල ඔවුන් තාවකාලික සටන් විරාමයකට එකඟ වීමට අකමැත්ත පළ කර තිබේ. ඉරානය අවධාරණය කර සිටින්නේ පවතින ගැටුම්කාරී තත්ත්වයට ස්ථිර විසඳුමක් අවශ්‍ය බවත්, තමන්ට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතු බවත්ය. දෙපාර්ශවයම සිය ස්ථාවරයන්හි දැඩිව රැඳී සිටීම හේතුවෙන් කලාපීය ආරක්ෂාව පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් වර්ධනය වී තිබේ.

What's your reaction?

Related Posts

1 of 705

Leave A Reply

Your email address will not be published. Required fields are marked *