ඉරානයට එල්ල වූ මෑතකාලීන ප්‍රහාරය සමගි ජන බලවේගය දැඩි ලෙස හෙළා දකින බවත්, ඒ සම්බන්ධයෙන් රජය ද නිල ප්‍රකාශයක් නිකුත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 2(4) සහ 2(7) වගන්ති උල්ලංඝනය කරමින් සිදුකළ මෙම ආක්‍රමණශීලී ක්‍රියාව හෙළා දැකීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය පසුබට නොවිය යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.මෙය ස්වෛරී රාජ්‍යයකට එල්ල වූ ප්‍රහාරයක් බැවින් සමස්ත පාර්ලිමේන්තුවම එක්ව එය හෙළා දැකීම සුදුසු බවත්, කිසිවෙකුට බිය නොවී රජය සිය ස්ථාවරය ප්‍රකාශ කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය. එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, කුවේටය, කටාර් සහ බහරේනය ඉලක්ක කරගනිමින් එල්ල වන ඕනෑම ප්‍රතිප්‍රහාරයක් ද ශ්‍රී ලංකාව හෙළා දැකිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.


























