ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (12) පෙරවරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කළහ. කෙසේ වෙතත්, මෙම විරෝධතාවයට එරෙහිව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විශේෂ නියෝගයක් නිකුත් කර ඇති අතර, එමඟින් අරගලකරුවන්ට ඇතැම් සීමාවන් පනවා තිබේ. විශේෂයෙන්ම රජයේ පරිපාලන කටයුතු සිදුවන මෙම කලාපය තුළ විරෝධතාකරුවන්ගේ හැසිරීම සම්බන්ධයෙන් පොලිසිය කළ කරුණු දැක්වීම් සලකා බලා මෙම නියෝගය නිකුත් කර ඇත.අධිකරණ නියෝගය මගින් ප්‍රධාන වශයෙන්ම අවධාරණය කර ඇත්තේ මහජන පීඩාවක් නොවන පරිදි මාර්ග අවහිර කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි. තවද, මේ දිනවල අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් විභාග අපේක්ෂකයින්ට බාධා වන අයුරින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමද එම නියෝගය මගින් දැඩි ලෙස තහනම් කර තිබේ. විරෝධතාකරුවන් සිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය භාවිත කළ යුත්තේ සාමාන්‍ය ජන ජීවිතයට සහ ශිෂ්‍ය ප්‍රජාවට බාධාවක් නොවන පරිදි බව මෙහිදී වැඩිදුරටත් සිහිපත් කර ඇත.


























