ඉහළ කොත්මලේ දෝෂයක් නිසා දිවයින පුරා විදුලි බිඳවැටීමක්

ඉහළ කොත්මලේ ජල විදුලිබලාගාරයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් දිවයින පුරා ප්‍රදේශ රැසක විදුලි සැපයුම අඩාල වී ඇති බවට විශ්වාස කෙරේ. බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ මෙම හදිසි බිඳවැටීමට මූලික හේතුව එම බලාගාරයේ සිදුවූ අක්‍රියතාවයක් බවට දැනට සැකකරන බවයි.​මේ වනවිට රට පුරා බොහෝ ප්‍රදේශවලින් විදුලිය විසන්ධි වීම් පිළිබඳ තොරතුරු වාර්තා වන අතර, ජනතාවට සිදුව ඇති අපහසුතාව අවම කිරීම සඳහා බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ. අදාළ ප්‍රදේශවලට නැවත විදුලිය ලබාදීම සඳහා අවශ්‍ය තාක්ෂණික කටයුතු කඩිනමින් සිදුකිරීමට පියවර ගෙන ඇත.​සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා කියා සිටියේ, අඩාල වූ විදුලි සැපයුම හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්කිරීම සඳහා අදාළ ඉංජිනේරු සහ තාක්ෂණික කණ්ඩායම් මේ වනවිටත් මෙහෙයුම් කටයුතුවල නිරතව සිටින බවයි.

What's your reaction?

Related Posts

1 of 1,383

Leave A Reply

Your email address will not be published. Required fields are marked *