ඊශ්‍රායල ප්‍රහාරයකින් සරණාගතයින් 50ක් ජීවිතක්ෂයට

රෆා ප්‍රදේශයේ සරණාගත කඳවුරකට එල්ලවූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 50 දෙනෙකු මියගොස් තිබෙනවා.

ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බවට ඊශ්‍රායලය ද පිළිගෙන ඇති අතර, ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ හමාස් සංවිධානයේ කඳවුරු ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවටයි.

ඊයේ හමාස් සංවිධානය විසින් රෆාහි සිට ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරයට රොකට් ප්‍රහාර අටක් එල්ල කර තිබුණා.

කෙසේ වෙතත් ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධති මගින් එම ප්‍රහාර ව්‍යර්ථ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඊශ්‍රායලය මෙලෙස සරණාගත කඳවුරකට ප්‍රහාර එල්ල කර ඇත්තේ ප්‍රහාර නවතන ලෙසට ජාත්‍යන්තර අධිකරණය සිකුරාදා තීන්දුවක් ලබාදී තිබියදියි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *