ඊසානදිග මෝසම් තත්ත්වය දිවයින පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. ඒ අනුව, උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැක. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල සවස් කාලයේ 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. උදෑසන කාලයේදී බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සමහර ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව ඇති වන තද සුළං සහ අකුණු මඟින් සිදු වන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


























