උ/පෙළ සිසුන් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන පහසුකම්

හෙට දිනයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා මහනුවර සහ කඩුගන්නාව ප්‍රදේශ වෙත ගමන් කරන සිසුන් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන පහසුකම් සලසා ඇත. කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය වසා දැමීම හේතුවෙන්, මාවනැල්ල සහ කඩුගන්නාව ඩිපෝ මගින් මෙම දරුවන් සඳහා ආරක්ෂිත ප්‍රවාහන සේවා සැපයීමට කටයුතු යොදා තිබේ.​මෙම තීරණයට හේතුව වී ඇත්තේ, ඊයේ පෙරවරුවේ පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් වසා දැමීමට සිදුවීමයි.​ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පවසන්නේ, මේ වන විට පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නාය ගිය කොටස යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු බෙරගල යුද හමුදාවේ මැදිහත්වීම මත සිදුකෙරෙමින් පවතින බවයි. තවද, නායයෑම් ප්‍රදේශය නැරඹීම සඳහා සාමාන්‍ය ජනතාව පැමිණීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා දැනුම් දී ඇති බව ද එම සංවිධානය සඳහන් කරයි.​අදාළ මාර්ගය භාවිතා කරන රියැදුරන්ට විකල්ප මාර්ග ලෙස කොළඹ – කුරුණෑගල හරහා මහනුවර දක්වා, කොළඹ සිට කරඬුපන හරහා මහනුවර දක්වා, කොළඹ සිට මාවනැල්ල, හෙම්මාතගම, රම්පල හරහා මහනුවර දක්වා මෙන්ම කොළඹ සිට මාවනැල්ල, ගනේවත්ත හන්දියෙන් කොවිල් කන්ද හරහා පිළිමතලාව, මහනුවර දක්වා වූ මාර්ග භාවිතා කළ හැකිය.

What's your reaction?

Related Posts

1 of 855

Leave A Reply

Your email address will not be published. Required fields are marked *