උත්සව සිරිය මැද මඟ තොට සුරැකීමට පොලිසියෙන් විශේෂ මෙහෙයුමක්

එළඹෙන උත්සව සමයේදී මාර්ගවල සිදුවන අධික රථ වාහන තදබදය පාලනය කිරීම සහ ජනතාවගේ ගමන් බිමන් පහසු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කර තිබේ. අද පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය වූ පරිදි, මහා මාර්ගවල විනය පවත්වා ගැනීම සහ රථ වාහන හැසිරවීම සඳහාම පමණක් පොලිස් නිලධාරීන් 8,000කට අධික පිරිසක් දිවයින පුරා යෙදවීමට කටයුතු සූදානම් කර ඇත.​විශේෂයෙන්ම නගරබඩ ප්‍රදේශවල සහ ප්‍රධාන මාර්ගවල ඇතිවිය හැකි තදබදය අවම කිරීම සඳහා මෙම නිලධාරීන් සේවයේ යෙදවෙන අතර, මාර්ග නීති උල්ලංඝනය කරන්නන් පිළිබඳවද දැඩි අවධානයෙන් පසුවන ලෙස උපදෙස් දී තිබේ. උත්සව සමයේ සිදුවන අනතුරු අවම කරගනිමින් ජනතාවට සුරක්ෂිතව සිය ගමනාන්ත කරා ළඟා වීමට අවශ්‍ය පරිසරය සැකසීම මෙම වැඩපිළිවෙලෙහි මූලික අරමුණයි.

What's your reaction?

Related Posts

1 of 1,086

Leave A Reply

Your email address will not be published. Required fields are marked *