උතුරට සහ දකුණට වැසි!

උතුරු සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයකට ප.ව. 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇත. උදෑසන කාලයේදී බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ සහ දකුණු පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 938

Leave A Reply

Your email address will not be published. Required fields are marked *