උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. විශේෂයෙන්ම උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක් පමණ තරමක් තද වැසි ඇතිවීමට ඉඩ ඇත. ඌව පළාතේ සහ මාතලේ, කුරුණෑගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවනු ඇත. දිවයිනේ සෙසු ප්‍රදේශවල ස්ථාන කිහිපයකට සවස් කාලයේ එනම් ප.ව. 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක් පමණ තරමක් තද වැසි අපේක්ෂා කළ හැකිය. සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයන් බලාපොරොත්තු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලිකව ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


























