​උද්ධමනය යළි ඉහළට: දෙසැම්බර් මාසයේ ආහාර මිල ගණන්වල කැපී පෙනෙන වර්ධනයක්!

ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මත පදනම් වූ මෙරට වාර්ෂික සමස්ත උද්ධමන අනුපාතය 2025 නොවැම්බර් මාසයේ පැවති සියයට 2.4 සිට දෙසැම්බර් මාසය වන විට සියයට 2.9 දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ පෙර මාසයේ සියයට 3.6 ක් ලෙස වාර්තා වූ ආහාර උද්ධමනය දෙසැම්බර් මාසයේදී සියයට 4.4 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ යාමයි.​ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද නොවැම්බර් මාසයේ වාර්තා වූ සියයට 1.5 සිට දෙසැම්බර් මාසයේදී සියයට 1.6 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇත. ඒ අනුව, පසුගිය මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී භාණ්ඩ හා සේවා මිල ගණන්වල යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව සංඛ්‍යාලේඛන දත්ත මගින් තහවුරු වේ.

What's your reaction?

Related Posts

1 of 979

Leave A Reply

Your email address will not be published. Required fields are marked *