උපාධිධාරී ගුරු සේවයට බඳවා ගැනීම් ඇරඹෙයි

ශ්‍රී ලංකා ගුරු සේවයේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රජයේ සේවයේ නියුතු මෙන්ම රජයේ සේවයේ නොමැති උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා තිබේ. විභාග දෙපාර්තමේන්තුවට අනුව, දැනටමත් රජයේ සේවයේ නියුතු උපාධිධාරීන් සඳහා වන මාර්ගගත (Online) අයදුම්පත් යොමු කිරීමේ කාලය හෙට (පෙබරවාරි 05) පෙරවරු 9.00 සිට ආරම්භ වන අතර එය පෙබරවාරි 19 වන දින පස්වරු 9.00 දක්වා විවෘතව පවතී. රජයේ සේවයේ නොමැති උපාධිධාරීන් සඳහා වන අයදුම්පත් කැඳවීම පෙබරවාරි 20 වන දින පෙරවරු 9.00 ට ආරම්භ වී මාර්තු 05 වන දින පෙරවරු 9.00 ට අවසන් වීමට නියමිතය.​මෙම බඳවා ගැනීම්වලට අදාළ ගැසට් නිවේදන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හි “Our Services” යටතේ ඇති “Online Applications – Recruitment Exams / E.B. Exams” යන කොටසෙහි පළ කර ඇත. සියලුම අයදුම්පත් මාර්ගගත ක්‍රමය (Online) හරහා පමණක් ඉදිරිපත් කළ යුතු බව එහි විශේෂයෙන් අවධාරණය කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,000

Leave A Reply

Your email address will not be published. Required fields are marked *