“උඹ අනුන්ගේ සීනි කිරන්න එපා” රැඳවුම් භාරයේ සිටින ‘හරක් කටා’ගෙන් එස්.අයි.ට තර්ජන

තංගල්ල පැරැණි බන්ධනාගාරයේ පිහිටුවා ඇති රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින නඳුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තා විසින් තමන් වෙත පරුෂ වචනයෙන් බැණ වැදි තර්ජනය කළ බවට එම රැඳවුම් මධ්යස්ථානයේ කාර්යභාර නිලධාරීවරයා විසින් තංගල්ල පොලිසියට ඊයේ (09 දා) පෙරවරුවේ පැමිණිල්ලක් සිදු කර තිබේ.

මෙලෙස තංගල්ල මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇත්තේ තංගල්ල පැරැණි බන්ධනාගාරයේ පිහිටුවා ඇති රැඳවුම් මධ්‍යස්ථානයේ කාර්යභාර නිලධාරිවරයා ලෙස කටයුතු කරනු ලබන ආනන්ද ලියනගේ නමැති උප පොලිස් පරික්ෂකවරයා විසිනි.

මධ්‍යස්ථානයේ රඳවා සිටින හරක් කටා සිරමැදිරියේ සිට පැයක කාලයක් එළිමහනේ තබා යළි සිර මැදිරිය වෙත යැවීමට කටයුතු කළ අවස්ථාවේ රැඳවියා ඊට විරෝධය දක්වමින් “උඹ අනුන්ගේ සීනි කිරන්න එපා “ යැයි පවසා පරුෂ වචනයෙන් බැණ වැදි වර්ජනය කර තිබේ.

පසුව මේ සිද්ධිය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයා විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහුගේ උපදෙස් පරිදි තංගල්ල මූලස්ථාන පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

උප පොලිස් පරීක්ෂකවරයාට තර්ජන එල්ල කර ඇති නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා නැමැත්තා පෙරවරු 7.45 සිට පෙරවරු 8.45 දක්වා පැයක කාලයක් සිර මැදිරියෙන් එළියට ගෙන එළිමහනේ රඳවා තිබූ අවස්ථාවේ මෙලෙස පරුෂ වචනයෙන් බැන තර්ජනය කළ බව පැමිණිල්ලේ වැඩිදුරටත් දක්වා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. 

What's your reaction?

Related Posts

1 of 770

Leave A Reply

Your email address will not be published. Required fields are marked *