ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) නියෝග කළේය.පළමුවර සහ දෙවනවර විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් පස්දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනුකර තිබූ අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට අධිකරණය තීරණය කළේය.



























