ජාඇල, උස්වැටකෙයියාව මුහුදු වෙරළේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් අය අතර එක් කාන්තාවක් ද සිටින බවයි.
ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු සහ වෙඩි තැබීමේ ස්ථානයට ඔහු ත්‍රිරෝද රථයකින් රැගෙන ආ පුද්ගලයා පොළොන්නරුව ප්‍රදේශයේ සැඟව සිටියදී පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ(24) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.
වෙඩි සලකුණු සහිත මළ සිරුරක් උස්වැටකෙයියාව, මෝගන්වත්ත වෙරළ තීරයේ තිබී පසුගිය සිකුරාදා සොයා ගැණුනි.
එලෙස මිය ගොස් තිබුණේ, කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි තැනැත්තෙකි.
සිරුර ආසන්නයේ තිබී T 56 ගිනි අවියක හිස් කොපු 09ක් සහ ජීව උණ්ඩයක් සොයාගෙන තිබුණි.
ගනේමුල්ලේ සංජීව ඝාතනය කිරීමට සම්බන්ධ යැයි සැක කෙරෙන කෙසෙල්බද්දර පද්මේ නමැත්තාගේ සමීපතමයෙකු වන ඩුබායි කලණ නමැත්තා විසින් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි සැක කරන බව පොලීසිය සඳහන් කළේ ය.