එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිස්ත්‍රික්ක 12ක් නියෝජනය කරන ගැහැනු ළමයින් 40කට අධික සංඛ්‍යාවක් සමඟින් සිංහල ක්‍රීඩා සමාජ (SSC) පිටියේදී පුහුණු සැසියකට එක්ව තිබෙනවා.බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ චයිල්ඩ් ඇක්ෂන් ලංකා (Child Action Lanka) එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහන මගින්, ක්‍රීඩාව තුළින් ගැහැනු ළමයින් බල ගැන්වීමේ සහ ප්‍රජාවන් ශක්තිමත් කිරීමේ හැකියාව මෙන්ම, එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර පවතින සබඳතාද ඉස්මතු කරනු ලැබුවා.මෙම වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ එංගලන්ත ක්‍රීඩිකා ඩැනී වයිට්-හොජ් (Danni Wyatt-Hodge) මෙසේ පවසා සිටියා:”තරඟ කිරීමට පමණක් නොව, අපගේ ක්‍රිකට් උනන්දුව බෙදාහදා ගන්නා තරුණ තරුණියන් සමඟ සම්බන්ධ වීමට ලැබීම ගැන අප ඉතා සතුටු වෙනවා.” “ලොකු සිහින දකින්නට සෑම ගැහැනු ළමයෙකුටම ආත්ම විශ්වාසය දීමට ක්‍රීඩාවට බලය තිබෙනවා. එම සිහින අනිවාර්යයෙන්ම ළඟා කරගත හැකි බව අද දවස තුළින් පෙන්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.”මෙම අවස්ථාව චයිල්ඩ් ඇක්ෂන් ලංකා ආයතනයේ ‘She Plays’ ව්‍යාපෘතිය දියත් කිරීම සනිටුහන් කළ අතර, එමඟින් ග්‍රාමීය ශ්‍රී ලංකාවේ තරුණියන්ට පුහුණුව හා සහයෝගය ලබාදීම තුළින් ඔවුන්ගේ ක්‍රීඩා සිහින හඹා යාමට අවස්ථාව සැලසෙනු ඇත.