එංගලන්තයේ පූජනීය ස්ථානවලට හදිසියේ ආරක්‍ෂාවක්

එංගලන්තයේ නැගෙනහිර සසෙක්ස් ප්‍රාන්තය පුරා පූජනීය ස්ථානවලට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා. ප්‍රාන්තය පුරා අතිරේක මුර සංචාර යන්ද සිදු කරන බවයි විදෙස් මාධ්‍ය පවසයි. එංගලන්තයේ සසෙක්හි පිහිටි මුස්ලිම් පල්ලියකට කිසියම් පිරිසක් ගිනි තැබීම හේතුවෙන් එංගලන්ත රජය එම තීරණය ගෙන ඇත. ගින්න හේතුවෙන් පල්ලියේ ඉදිරිපස දොරටුවට සහ මෝටර් රථයකට හානි සිදු වී ඇති අතර කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවයි වාර්තා වේ. එම කම්පන සහගත ප්‍රහාරයෙන් එරට බැතිමතුන් දැඩි ශෝකයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එංගලන්ත ස්වදේශ කටයුතු ලේකම් ෂබානා මහමුද් පවසන්නේ එම ප්‍රහාරය හේතුවෙන් ජනතාව අතර බෙදීම් ඇති කර නොගත යුතු බවයි. එම ගිනිතැබීම වෛරී අපරාධයක් ලෙස සලකා විමර්ශනය කරන බව සසෙක්ස් පොලිසිය පවසයි. කෙසේ වෙතත් මේ වන විට ප්‍රහාරය සිදු කල බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. පල්ලියේ ස්වේච්ඡා සේවකයෙකු පවසා ඇත්තේ පුද්ගලයන් දෙදෙනෙකු ඉදිරිපස දොරෙන් ඇතුළු වීමට උත්සාහ කළ නමුත්, එය අගුළු දමා තිබූ බවයි. ඉන්පසු ඔවුන් දොරටුවට සහ පිටත නවතා තිබූ මෝටර් රථයක් අසල දියරයක් වත් කර, ගිනි තැබූ බවයි එම සේවකයා පවසා ඇත්තේ. බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් එම ප්‍රහාරය හෙළා දුටු අතර, “වෛරය නැවත වරක් ඉහළ යමින් පවතින බවටත්, බ්‍රිතාන්‍යය එය නැවත වරක් පරාජය කළ යුතු බවටත්” ඔහු අනතුරු අඟවා තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *