එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වන ජේම්ස් ඇන්ඩර්සන් හට නයිට් පදවියක් පිරිනමා තිබේ. අවුරුදු 22ක ජාත්‍යන්තර ක්‍රීඩා දිවියක් තුළ ටෙස්ට් තරග 188කදී කඩුලු 704ක් දවාගත් 43 හැවිරිදි මෙම වේග පන්දු යවන්නාට, වින්ඩ්සර් මාලිගයේදී රාජකීය කුමරිය (Princess Royal) විසින් නයිට් පදවිය පිරිනමන ලදී.ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් හිටපු අග්‍රාමාත්‍ය රිෂි සුනාක්ගේ ඉල්ලා අස්වීමේ ගෞරව ලැයිස්තුවේ (resignation honours list) ඇන්ඩර්සන්ගේ නම අප්‍රේල් මාසයේදී නම් කෙරිණි. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඔහුට වඩා කඩුලු ලබාගෙන ඇත්තේ හිටපු ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් සහ හිටපු ඕස්ට්‍රේලියානු පාදග පන්දු යවන්නා වන ෂේන් වෝන් පමණි.ඇන්ඩර්සන් 2024 ජූලි මාසයේදී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත්තද, ඔහු සිය ළමා කාලයේ ක්‍රීඩා සමාජය වන ලැන්කෂයර් වෙනුවෙන් දිගටම ක්‍රීඩා කරයි. ඔහු සිය 44 වන උපන්දිනය පසුවන තෙක්ම, එනම් 2026 වාරය සඳහා තවත් වසරක දිගුවක් වෙනුවෙන් දැනට සාකච්ඡා කරමින් සිටී.





















