එක්ස්ප්‍රස් පර්ල් අනතුරට වසර 3යි ඒත් සාධාරණය කෝ

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරට ලක්වී අදට (21) වසර තුනක් පිරෙනවා.

මේ හේතුවෙන් ජීවනෝපාය කරගැනීමට නොහැකි හැඳල සහ පමුණුගම ප්‍රදේශවල ධීවරයින් සිය ගැටලුවලට විසඳුම් ඉල්ලනවා.

ඒ වෙනුවෙන් ධීවර සමිති 9 ක සාමාජිකයින් මුහුණදී ඇති ගැටලුවට විසඳුම් ඉල්ලා අද විරෝධතා පා ගමනක නිරත වුණා.

ඔවුන් වත්තල ඇලකන්ද නගරය තෙක් පා ගමනින් පැමිණ උද්ඝෝෂණයක නිරත වූණා.

මෙම නෞකාව ගිනි ගැනීමෙන් මෙරට බටහිර මුහුදු කලාපය දැඩි පරිසරය දූෂණයකට ලක් වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *