එන්නත් නඩුවේ පළමු සැකකරු අංගොඩ රෝහලට

ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කර රජයේ රෝහල් වලට බේදා හැරිම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවේ දැනට රිමාන්ඩ් භාරයේ පසුවන 1වන සැකකරු දිවිනසා ගැනීමේ තත්ත්වයකට හා දරුණු මානසික රෝගි තත්ත්වයකට මුහුණු දී ඇති බැවින් ඔහු වහාම අගොඩ මානසික විද්‍යායතනයේ රදවා තැබීමට මලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කරයි.

එහිදි මහේස්ත්‍රාත් වරිය වැඩිදුරටත් නියෝග කරේ දස දෙනෙකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයේ වාර්තාව පැමිණෙන තුරු මානසික රෝහලේ රඳවා තැබිමටයි.

ඒ අනුව පලමු වන සැකකරු සුදත් ජානක,
වහාම මානසික රෝහල වෙත ගෙන යන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට ඊයේ (29) නියෝග කළේය.

” මේ පුද්ලගයා හෙට දිවි නසා ගත්තොත් මට වගකියන්න වෙයි. ඒ නිසා ඇප දිම සම්බන්ධයෙන් නිත්‍යානුකූල වාර්තා කැඳවනු තුරු ලංකාවේ මානසික රෝග සඳහා ප්‍රතිකාර කරන අංගොඩ රෝහල වෙත අදම රැගෙන යන්න” යැයි මහේස්ත්‍රාත් වරිය විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළාය.

නඩුව ආරම්භයේ දී පලමු සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරයා ඔහුගේ මානසික රෝගි තත්ත්වය සුවිශේෂී කරුණක් ලෙස සලකා ඇප ඉල්ලා සිටි අතර එම ඉල්ලිම කල් තබන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය ඉල්ලා සිටියාය.

එහදි මහේස්ත්‍රාත් වරිය බන්ධනාගාර නිලධාරීන් කැඳවා විමසා සිටියේ මානසික රෝගයක් පිළිබඳව ලක්ෂන කිසියම් රැඳවියකුගෙන් පෙන්නුම් කරන්නේ නම් ඔහු මානසික රෝහලකට යවන්න කටයුතු කරනවා දැයි කියාය. එහිදි බන්ධනාගාර නිලධාරීවරයා එසේ කරන බව සඳහන් කළේය.

නමුත් එහිදි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරයා සඳහන් ක⁣ළේ ඔහු දිවිනසා ගැනීමට වැඩි ඉඩකඩක් පවතිව බවයි.

එහිදි කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නේ එම සැකකරු මානසික රෝගි තත්ත්වයට මුහුන පා ඇත්නම් වයස අවුරුදු 87ක් වන ඔහුගේ මවට භාර දිමෙන් එය අනාරක්ෂිත බවයි. එමෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව එවැනි පුද්ගලයෙකට ඇප ලබා දිමෙන් සමාජ ගත කළ නොහැකි බවත් ඔහු සුදුසු මානසික රෝහලකට යොමු කර සුදුසු ප්‍රතිකාර ලබා දෙන ලෙසයි.

එහිදි මහේස්ත්‍රාත් වරිය පෙන්වා දුන්නේ ප්‍රමාණවත් සාක්ෂි පවතින රජයේ චෙක්පත භාර ගත් පලමු සැකකරු හට ඇප ලබා දිම සිදු කළ නොහැකි බවයි.

ඒ අනුව පලමු සැකකරු අගොඩ මානසික රෝහල වෙත මාරු කිරිමට නියෝග කෙරුණි.

එමෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නිතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කළේ ඔහු පුර්ණ අබාධිත තත්ත්වයට පත් විය හැකි බවත් එම තත්ත්වය රජයේ රෝහලක සුව කිරිමට නොහැකි බවත්ය. එසේ පුර්ණ ආබාධිත තත්ත්වයට පත් වුවහොත් ඇප ලබා දුන්නත් වැඩක් නොවන බවද ජනාධිපති නිතිඥ වරයා පෙන්වා දුන්නේය. එබැවින් ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

ඊට විවිරුද්ධත්වය පෑ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නේ සෙසු සැකකරුවන් මෙන් පුර්ණ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කර වාර්තා කැඳවා ඇප පිළිබඳව සලකා බලන බවයි.

එහිදි මහේස්ත්‍රාත් වරිය හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පුර්ණ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කර වාර්තා කැඳවීමට නියෝග කළාය.

බාල ඖෂධ ගෙන්වූ බව කියන අයු­සු­ලේට් බයො­ටෙක් ෆර්මා සමා­ගමේ හිමි­කරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැප­යුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍ර­ම­නා­යක, වෛද්‍ය සැප­යුම් අංශයේ සහ­කාර අධ්‍යක්ෂ ශාන්තිනී සොල­මන්, ගණ­කා­ධි­කාරී (සැප­යුම්) නෙරාන් ධනං­ජය, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍ර­ගුප්ත, වෛද්‍ය සැප­යුම් ඒක­කයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය හේරත් මුදි­ය­න්සේ­ලාගේ ධර්ම­සිරි රත්න­කු­මාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙ­ළිය රඹු­ක්වැල්ල, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු අති­රේක ලේකම් සමන් රත්නා­යක, වෛද්‍ය සැප­යුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර‍ඹේ­ගෙ­දර තුසිත සුද­ර්ශන‍්, ඖෂධ නියා­මන අධි­කා­රියේ හිටපු ප්‍රධාන විධා­යක නිල­ධාරී විජිත් රණ­සිංහ ගුණ­සේ­කර යන සැක­ක­රු­වන් මෙම නඩුවේ සැක­ක­රුවෝ වෙති.

මෙහි සිව්වැනි සැක­කාර හිරාන් ධන­ජංය, පස්වැනි සැක­කාර සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ තොග පාලක සුජිත් කුමාර සහ වෛද්‍ය සැප­යුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර‍ඹේ­ගෙ­දර තුසිත සුද­ර්ශන, ජානක චන්ද්‍රගුප්ත, සමන් රත්නායක, කපිල වික්‍රමනායක , දේවශාන්තිනි සොලමන්ස් යන හත් දෙනා පම­ණක් මේ වන විට ඇප මත සිටින අතර, වෛද්‍ය ජය­නාත් බුත්පි­ටිය යන අය මෙම නඩුවේ 09 වැනි සැක­කරු ලෙස නම් කර ඇත. එම සැක­කරු මේ වන විට විදෙ­ස්ගත සිටියි. එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට ජාත්‍යන්තර පොලිසිය වෙත රතු නිවේදන යවා තිබේ.

ඇප ලබා සිටින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් වූ අතර බන්ධනාගාරයේ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, විජිත් ගුණසේකර හා රත්නකුමාර හේරත් යන අය අධිකරණයට පෙනී සිටියේ නැත. ඔවුන් තිදෙනා දැඩි ලෙස රෝගාතුරව සිටින බැවින් එසේ ඉදිරිපත් නොකරන බව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දෙන ලදි. ඒ අනුව බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කළේ පලමු සැකකරු සුදත් ජානක ප්‍රනාන්දු පමණි.

ඉදිරිපත් කළ සියලු කරුණු සැලකිල්ලට ගත් අධිකරණය හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු අනෙක් සැකකරුවන් හතර දෙනා ලබන මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා ය.

සැකකරුවන් 12නා ගෙන් හත් දෙනෙකු ඇපමත මුදා හැර තිබේ. එක් සැකකරුවකු විදෙස්ගතව සිටින බැවින් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඉතිරි සැකකරුවන් හතර දෙනා නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරිමේ නියෝගයට යටත්ව තවමත් බන්ධනාගාරගතව සිටිති.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙබරවාරි 02 වැනිදා සිට මේ දක්වා රක්ෂිත බන්ධනාගාරගතව සිටියි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමයක් යටතේ මෙරටට ගෙන්වු ඖෂධ නිසා ජිවිත අවදානම් තත්ත්වයට පත්වු කිරිම සහ රජය කෝටි ගණනක පාඩුවක් කිරිම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලා අල්ලස දුෂනය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා සහ සිවිල් සංවිධාන එකමුතුව කළ පැමිණිල්ලලකට අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනය කර මෙම නඩුව පවරන ලදි.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය සහ රජයේ අධි නීතිඥ අසේල විජේසිංහ , ගංගානි උක්වත්ත මහත්මිය ඇතුලු පිරිසක් පෙනී සිටි ති.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් උප පොලිස් පරික්ෂක ලක්සිරි මහතා, සැරයන් ප්‍රනාන්දු 35124, සැරයන් මනෝජ් 61823, සහ ප්‍රධාන පොලිස් පරික්ෂක ජයන්ත පයාගල මහතා ඇතුලු පිරිසක් පෙනී සිටි ති.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නිතිඥ අනුජ ප්‍රේමරත්න , ජනාධිපති නිතිඥ සරත් ජයමාන්න, ජනාධිපති නිතිඥ ප්‍රියන්ත නවාන, ඇතුලු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි ති.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *