හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කරගනිමින් එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සහ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ප්‍රචාරයන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන පසන් කස්තුරියාරච්චි මහතා විසින් අද දින මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබීය. එයාර් බස් ගනුදෙනුව සඳහා අල්ලස් ලබාගත් බවට අධිකරණය හමුවේ කරුණු වාර්තා වී ඇති බව පවසමින් සිදුකරන ප්‍රචාරයන් ද්වේෂසහගත බව ඔහු මෙහිදී අවධාරණය කළේය.පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පසන් කස්තුරියාරච්චි මහතා සඳහන් කළේ, වර්තමාන රජය දේශපාලන පළිගැනීම් සහ වෛරය පදනම් කරගනිමින් මෙවැනි මඩ ප්‍රචාරයන් මෙහෙයවන බවයි. ආණ්ඩුව විසින් සාක්ෂි පවා වෙනස් කරමින් අසත්‍ය කරුණු සමාජගත කිරීමට උත්සාහ කරන බවට ඔහු මෙහිදී බරපතළ චෝදනාවක් එල්ල කළේය. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ පැවති සංවර්ධනය සහ මෛත්‍රී සහගත දේශපාලනය හමුවේ වත්මන් පාලකයින්ගේ අදක්ෂතාවය වසා ගැනීමට මෙලෙස කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංවිධානාත්මකව ගෙන යන මෙම මඩ ප්‍රහාරයන් මගින් ජනතාව නොමග යැවීමට කටයුතු කරන බව පවසන ඔහු, මේ සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා සත්‍ය අනාවරණය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. හිටපු ජනාධිපතිවරයාගේ පෞරුෂයට හානි පමුණුවන අරමුණින් සිදුකරන මෙම ක්‍රියාවන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.
























