එවරස්ට් කන්ද සාර්ථකව තරණය කළ පළමු ගවේෂණ කණ්ඩායමේ අවසන් සාමාජිකයා වූ කාන්චා ෂර්පා නේපාලයේ අගනුවර වන කත්මණ්ඩුහිදී වයස අවුරුදු 92 දී අභාවප්‍රාප්ත වී ඇත.ඔහු මෑතකදී රෝගාතුරව සිටි බව ඔහුගේ පවුලේ අය පවසති.කාන්චා ෂර්පා මහතා 1953 වසරේදී එඩ්මන්ඩ් හිලරි සහ තෙන්සිං නෝර්ගේ විසින් මෙහෙයවන ලද ලෝකයේ උසම කන්දේ මුදුනට ගිය ඓතිහාසික කණ්ඩායමට එක්වන විට ඔහුට වයස අවුරුදු 19 කි.කඳු නැගීමේ පූර්ව අත්දැකීම් නොතිබුණද, ඔහු 35 දෙනෙකුගෙන් යුත් ගවේෂණ කණ්ඩායමට බඩු ගෙන යන්නෙකු ලෙස එක් විය. සති දෙකකට වඩා වැඩි කාලයක් පුරා පැවති දුෂ්කර ගමනේදී, ඔහු මූලික කඳවුර දක්වා ආහාර, කූඩාරම් සහ උපකරණ රැගෙන ගිය අතර, මීටර් 8,000 (අඩි 26,247) උන්නතාංශය පසු කළ ෂර්පාවරුන් තිදෙනාගෙන් එක් අයෙක් විය.ඔහුගේ සෙසු නේපාල කඳු මාර්ගෝපදේශකයින් ඔහුව වීරයෙක් සහ ආශ්වාදයක් ලෙස හඳුන්වා දී ඇත.මෙම ගවේෂණයෙන් පසුව, කාන්චා ෂර්පා තවත් දශක දෙකක් හිමාලයානු කඳුකරයේ උස් කඳුකර භාණ්ඩ ප්‍රවාහකයෙකු ලෙස සේවය කළ අතර, ඔහුගේ බිරිඳ ඔහුගෙන් මෙම අනතුරුදායක ගමන් නතර කරන ලෙස ඉල්ලා සිටින තෙක් ඔහු එම කටයුතුවල නිරත විය.