ඔරියෝනිඩ් උල්කා වර්ෂාව ශ්‍රී ලංකාවටත් දර්ශනීයව!

හැලීගේ ධූමකේතුවෙන් (Halley’s Comet) ඉතිරි වූ කොටස් නිසා ඇතිවන ඔරියෝනිඩ් (Orionid) උල්කා වර්ෂාව, අද (ඔක්තෝබර් 20) රාත්‍රියේදී සහ හෙට (ඔක්තෝබර් 21) අලුයම ශ්‍රී ලංකාවේ අහසේ පැහැදිලිව දැකගත හැකි බව තාරකා විද්‍යාඥයෝ පවසති. ​නවීන තාක්ෂණවේදය සඳහා වූ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැහැදිලි කළේ, මෙම උල්කා වර්ෂාවෙන් වැඩිම ප්‍රමාණයක් දර්ශනය වන උච්චතම අවස්ථාව (peak time) හෙට අලුයම 4:30 ට පමණ උදා වන බවයි.​වාර්ෂිකව ඔක්තෝබර් මස තුන්වන සතියේ පමණ සිදුවන මෙම සිදුවීමේ උච්චතම අවස්ථාව, මේ වසරේ ඔක්තෝබර් 21, 2025 දිනට යෙදී ඇති බවට පුරෝකථනය කර ඇත. මේ නිසා රාත්‍රී අහස නරඹන්නන්ට, දිදුලන වැටෙන තරු (shooting stars) දර්ශනයක් දැක ගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.

What's your reaction?

Related Posts

1 of 403

Leave A Reply

Your email address will not be published. Required fields are marked *