ඕස්ට්‍රේලියාවට රන් සහ ලෝකඩ දිනා දුන් ශ්‍රී ලාංකිකයා

ආසියානු පැසිෆික් බර එසවීමේ තරගාවලියේදී රන් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ඊට ඉදිරිපත් වූ ශ්‍රී ලාංකිකයෙකු වන රුවන් පෝල් සමත් වී තිබෙනවා.

පෙරේදා එම තරගය මෙල්බර්න් නුවරදී පැවැත්වුණේ රටවල් 15ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 දෙනෙකුගේ පමණ සහභාගීත්වයකින්.

ඔහු මෙම දක්ෂතාව අඛණ්ඩව දැක්වූ තුන්වන අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.

ලබන වසරේදී ලෝක ශූරතා සවි එසවීම හෙවත් පවර් ලිෆ්ටින් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට මේවන විට අනුමැතිය ලැබී ඇති බවයි මෙල්බර්න් නුවර සිට හිරු ක්‍රීඩා අංශයට අදහස් පළ කරමින් රුවන් පෝල් ප්‍රකාශ කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *