වැඩිමිලට ඖෂධ ගෙන්වූ සමාගම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බවකි ඖෂධ නියාමන අධිකාරී ලොක්කාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලී ..
දූෂිත සමාගම් ආරක්ෂා කරන බවට සෞඛ්‍ය ලොක්කන්ට චෝදනා..
………………………………….
පසුගිය කාලයේදී මෙරටට වැඩි මිලට ගෙන්වන ලද ඖෂධ සමාගම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළත් අදාළ සමාගම්වලට එරෙහිව දැන් නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බවට පසුගිය සති අන්තයේදී ජනමාධ්‍යවලට ප්‍රකාශ කළ ඖෂධ නියාමන අධිකාරියේ වර්තමාන විධායක අධ්‍යක්ෂ සවින් සේමගේ මහතාට එරෙහිව සිවිල් බුද්ධි පදනමේ සභාපති සංජය මහවත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.
රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් රුපියල් තුන්සිය ආසන්න මුදලකට මිලදී ගත හැකි ඖෂධ රුපියල් හැටදහස ඉක්මවා මිලදීගෙන ඇති බව අදාළ ටෙන්ඩර් ලිපිගුණු මගින් ඉතා පැහැදිලිව සනාථ වී ඇති තත්ත්වයක් යටතේ. එම සමාගම් වලට වෙහෙරිව දැන් නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බවට එම රාජ්‍ය ඖෂධ සංස්ථාවේ වර්තමාන සභාපතිවරයාද ඖෂධ නියාමන අධිකාරියේ වර්තමාන විධායක අධ්‍යක්ෂ වූ විශේෂඥ වෛද්‍ය සවින් සේමගේ මහතා ද පසුගිය සති අන්තයේදී ජනමාධ්‍ය සමග පැවසූ සාකච්ඡාවලදී ප්‍රකාශ කර ඇති බවයි සංජය මහවත්ත මහතා වැඩිදුරටත් කියාසිටියේ.
මෙම තත්වයන් මත පදනම්ව මෙකී නිලධාරීන් විසින් දූෂිත සමාගම් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන බව ඉතා පැහැදිලි වන බැවින් මෙම නිලධාරීන්ට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනමින් පරීක්ෂණ ආරම්භ කරන ලෙස ගෙන් රට සිවිල් සංවිධාන ව්‍යාපාරය සංචය මහවත්ත මහතා යම්රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව ඉල්ලීමක් කළේය.
බාල ඖෂධ වංචාවේ තමන් සාක්ෂිකරුවන් බව පවසමින් මෙම නිලධාරීන් නීතිය හමුවෙන් ගැලවී සිටීම සඳහා බොහෝ උපායන් භාවිතා කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුද නොමඟ යවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ලබාදීමෙන් අනතුරුව සමාජ ක්‍රියාකාරී සංජය මහවත්ත මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වූවා..